රත්මල් - ගෙඩි

මේ තියෙන්නේ රත්මල්ගෙඩි




මේවා කනවා..





.................................................................................................................................................







මේ ටික අන්තර්ජාලයෙන්..

















ඉක්සෝරා කොක්නියා”නැමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වුවද
වැඩිදෙනකු
මෙය දන්නේ ‘රත්මල්’ නමිනි. ආයුර්වේද බෙහෙත් වට්ටෝරු වල සඳහන් වන රත්මල්
නම් වූ
ඖෂධයද මෙම ඉක්සෝරා මල වන අතර “රත් ඇඹල” ලෙසින්ද මෙය හඳුන්වයි. ඊට
අමතරව කැලෑවේ ගිනිසිළුව
යන අරුත දෙන “ජංගල් ෆ්ලේම්”  යන නාමයෙන්ද මෙම ශාකය හඳුන්වා ඇත.රුබියාසේ  කුලයට අයත්
මෙම ඉක්සෝරා ශාකය අලංකාර මල් කිනිති වලින් පිරී තිබෙනු නිරතුරුවම දක්නට ලැබෙන්නකි.
දේශීය ශාකයක්
වූ මෙය පඳුරු වශයෙන් කඳුකර ප‍්‍රදේශවල මෙන්ම පහතරට තෙත් කලාපයේ ද හොඳින් වැඩේ.
මල් වැටක්,
අලංකාර පඳුරක් ලෙසින් පමණක් නොව බඳුන් ගත ශාකයක් ලෙසින් ද වගා කරගත හැකි මෙම
රත්මල් ප‍්‍රභේද කිහිපයකින්ම දැකිය හැකිය. එපමණක් නොව රතු, රෝස, සුදු, කහ ආදී විවිධ
වර්ණයන්ගෙන් යුක්ත
 මල් හට ගන්නා අතර, පෙති හතරකින් හෙබි කුඩා මල් රාශියක් එකට ගොනු වී එක් පොකුරක්
ලෙසින් දිස්වේ.
දිගු කාලීන පැවැත්මක් ඇති ඉක්සෝරා ශාකය අතු බැඳීම තුළින් සහ අතු කැබැලි මාර්ගයෙන්
ව්‍යාප්ත කරගත හැකිය. අතු කැබැලි පෙ‍්‍රාපගේටරයක්් තුළ තැබීම තුළින් සර්ථකව මුල් අද්දවා ගත හැකිය.
මල් ගොමුවක් ලෙසින් හෝ පාත්තියක් වටා වැවූ මල් බෝඩරයක් සේ වගා කිරීමට වඩා අද ජනපි‍්‍රය
වී ඇත්තේ බඳුන්ගතව පඳුරක් ලෙස වගා කිරීමය. එහිදී මතුපිට පස් කොටස් 04 ක්,
කොම්පෝස්ට් හෝ දිරාගිය ගොම පොහොර කොටස් 02 ක්, වැලි කොටස් 01 ක් මිශ‍්‍ර
කර ගැනීමෙන් සාදාගත්
වගා මිශ‍්‍රණය භාවිතා
කිරීම වඩත් සුදුසුය. ඉක්සෝරා ශාකය අලංකාර පඳුරක් ලෙසින් සකසා ගැනීමට නම් වරින්වර
ක‍්‍රමානුකූලව
කප්පාදු කරගත යුතුය. බඳුන්ගත ශාකය වුවද සුදුසු කාලයේදී කප්පාදු කිරීම තුළින් සහ
නැවත බඳුන්ගත කිරීමෙන් ගෙවත්තට වැඩි සුන්දරත්වයක් ළඟා වේ. සාමාන්‍යයෙන්
මෙම ශාකයට කෘමි
 හානි හෝ දිලීර හානි
නොමැති වුවද, වියළි කාලගුණයේදී කොරපොතු කෘමියාගෙන් හානි සිදුවනු පෙනේ. හොඳ
ජල සැපයුමක් තුළින් මෙන්ම කෘමිනාශක භාවිතයෙන් මෙම හානිය මර්ධනය කරගත හැකිය.
හොඳින් ජලය බැසයන බඳුනක
සාර්ථකව වැඩෙන ඉක්සෝරා ශාකය ගෙවත්ත සැරසීමට පමණක්ම නොව ඔබේ නිවෙසෙහි විසිත්ත
කාමරය තුළට ද රැගෙන එන්නේ අපූර්ව සුන්දරත්වයකි.
සටහන :- චම්පා වරුසප්පෙරුම


ඇත්ත හොල්මන් 

No comments:

Post a Comment